A Brand of Non Media Shout (Private) Limited

පාන් හිඟයක නිමිති එයි: රෝස් පාන්වලින් බේකරි ඈත් වෙයි…

ප‍්‍රමාණවත් පරිදි තිරිඟු පිටි නොලැබීම හේතුවෙන් ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘‘දිවයින’’ ට ඊයේ (07

මිතුරන් සමග ‌බෙදාගන්න

ප‍්‍රමාණවත් පරිදි තිරිඟු පිටි නොලැබීම හේතුවෙන් ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘‘දිවයින’’ ට ඊයේ (07 වැනිදා) පැවැසීය.

මෙලෙස ගියහොත් ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට පාන් පෝලිමේ ගිහිල්ලාවත් පාන් ගෙඩියක් ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයිද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ එන්. කේ. ජයවර්ධන මහතා මෙසේද කියා සිටියේය.

අද වෙනකොට බේකරි හිමියාට පාන් පිටි ලැබෙන්නේ සියයට 50 යි. බේකරි හිමියන් සතියට වැඩ කරන්නේ දවස් 3 යි. නැත්නම් 4 යි. රෝස් පාන් නිෂ්පාදනය කරන එකෙනුත් ගොඩ දෙනෙක් මේ වෙනකොට ඈත් වෙලයි ඉන්නේ. මොකද ඒවාට තමයි වැඩිපුර පිටි ප‍්‍රමාණයක් වැය වෙන්නේ. ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිගයක් ඇති වෙන්න පුළුවන්. අපි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ ගොල්ලෝ කියන්නේ අපිට ඕන තරම් පිටි දෙන්න පුළුවන්. ප‍්‍රශ්නය තියෙන්නේ ඩොලර්වල කියායි. අපි රජයට කියනවා ඉතාම ඉක්මනින් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

තවත් පුවත්