A Brand of Non Media Shout (Private) Limited

පුද්ගලයින් 19 දෙනෙකුට දිවි අහිමි කළ මහල් නිවාස ගින්න(Photos)..

අමෙරිකාවේ, නිව් යෝර්ක් නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා

මිතුරන් සමග ‌බෙදාගන්න

අමෙරිකාවේ, නිව් යෝර්ක් නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මහල් නිවාස ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නිව් යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

නිව් යෝර්ක් ගිනි නිවන දෙපාර්තමේන්තු කොමසාරිස් ඩැනියෙල් නිග්‍රෝ විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලේ සෑම මහලකින්ම ගින්නේ තුවාල ලැබූ පුද්ගලයින් සොයා ගෙන ඔවුන් රෝහල් ගත කර ඇති බවයි.

තවත් පුවත්