ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රත්රන් සංචිතයේ වටිනාකම පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 206.8 කින් (අඩකටත් වැඩියෙන්) අඩු වී තිබේ.
මේ අනුව 2021 නොවැම්බර් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 ක් වූ රත්තරන් සංචිතය 2021 දෙසැම්බර් මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4 ක් දක්වා අඩු වී ඇතැයි නවතම මහ බැංකු සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වේ.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල මෙම රත්තරන් සංචිතය ද අන්තර්ගත වන අතර මහ බැංකුවට එම රත්තරන් පවතින වෙළෙඳපොළ අගයට විකිණිය හැකි වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත විදේශ විනිමය සංචිත වටිනාකම 2021 නොවැම්බර් මස අග පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 1014.7 සිට ඉකුත් දෙසැම්බර් අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2770.6 ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.