ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය තමා විසින් ඉල්ලා අස්කර ගන්නා බව භානුක රාජපක්ෂ පවසනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙත නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.
භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ ඊයේ(12) සාකච්ඡාවක නිරත වුණා.
තමන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා භානුක රාජපක්ෂගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබුණු බව සදහන්.