A Brand of Non Media Shout (Private) Limited

බොරැල්ල බෝම්බය පිටුපස මහමොළකරුවෙක් ඉන්නවා – සරත් විරසේකර

බොරැල්ල සියලු ශාන්තුවරියන්ගේ දේවස්ථානයේ බෝම්බය තැබීමේ සිද්ධිය පිටුපස මහමොලකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු

මිතුරන් සමග ‌බෙදාගන්න

බොරැල්ල සියලු ශාන්තුවරියන්ගේ දේවස්ථානයේ බෝම්බය තැබීමේ සිද්ධිය පිටුපස මහමොලකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා.

” පොලිසිය පිලිබඳ ඒ වගේ ප්‍රකාශ කලාම ජනතාවගේ තියෙන විශ්වාසය පලුදු වෙන්න පුළුවන්. අපි දන්නවා ඇපලෝ රෝහලේත් බෝම්බයක් තියලා එක තියපු කෙනාම තමයි එක රපොර්තු කලේ. මෙතනත් ඒ බොම්බේ තියපු කෙනාම තමයි ඒ පියතුමාට රපොර්තු කලේ. මෙතනත් බොම්බේ තියපු කෙනාම රපොර්තු කලාට පස්සේ හැන්දෑවේ පහට පමණ පොලිසිය එතනට ගිහිල්ලා සැකකටයුතු හතරදෙනෙක් ගත්තා . ඒ ළමයට අවුරුදු 14 යි. ඒ ළමයා ඊටපස්සේ මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ මේ පල්ලියේ මාස 8 ක් පමණ වැඩකරන ද්‍රවිඩ ජාතික මුනී කියන පුද්ගලයා තමයි එයාට මේ බෝම්බය සහිත මල්ල භාරදුන්නේ කියල. ඊටපස්සේ ඒ බෝම්බය සහිත මල්ල භාර දුන්න පුද්ගලයා තමයි අල්තාරය උද බෝම්බය තිබ්බේ කියලා. ඊට පස්සේ ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බය වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන්කුරැක තියලා ගිනිකූරු 15 ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තුවෙලා බෝම්බය පුපුරන්න තමයි සකස්කරලා තිබ්බේ. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කාමරය ඇතුළේ ටේප් තිබුණා. හඳුන්කූරු තිබුණා. ගිනිකූරු තිබුණා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම පල්ලියේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක්ද කියලා තමයි මට අහන්න තියෙන්නේ. එක හින්දා එහෙම කරන එක නරකයි. උදේ පාන්දර නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. පොලිසියට දිය යුතු CCTV දර්ශන මාධ්‍යට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. පල්ලියම තමයි අපිට උදව් කරන්න ඕන ඒ පුද්ගලයා අල්ලගන්න.
ඒ රහස්‍ය තොරතුරු අපි තියාගෙන ඒ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන් විතරයි. ඒවා ඉවරවෙන්න කලින් කවුරුහරි මාධ්‍ය වෙත නිකුත් කරනවානම් ඒක සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක්. ඒ වගේ දේවල් කරන්න එපා කියල අපි කියා සිටිනවා. පොලිසිය කෙරෙහි විශ්වාසය තියන්න. පොලිසිය තමයි මේ රටේ නීතියයි සාමයයි ආරක්ෂා කළේ. පොලිසියක් නැතුව එහෙම කරන්න බෑ. ඒ විශ්වාසය කඩවෙන විදියට අපි කවදාවත් වැඩකරලා නෑ. CCTV දර්ශන සවස 3 ඉඳල බැලුවේ ඉක්මනට අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න ඕන නිසා. එහෙම කියල පොලිසිය උදේ ඒවා බලන්න එපැයි කියල නෑ. පොලිසිය උදේ තියෙන CCTV දර්ශන විනාශ කරන්න කියල නෑ. ඉතින් ඒ වගේ ඒවා තියෙනවානම් ඒවා පොලිසියට දන්වන්න ඕන.මේ පරීක්ෂණය තාම පවත්වාගෙන යනවා. ප්‍රධාන මිනිහව අපි අල්ලගත්තා. ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධියයි පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. මේ රජය අපහසුතාවයට පත්කරන්න පොලිසිය හමුදාව අපහසුතාවයට පත්කරන්න ඉන්නවා පුද්ගලයෝ. ඒ මහමොළකරුවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි අනිවාර්යයෙන්ම කියනවා. තමන් බෝම්බය තියලා තමන්ම ඒක කියන්නේ රටේ අනාරක්ෂිත භාවයක් තියෙනවා කියලා පෙන්නන්න කරන වැඩක් ”

තවත් පුවත්