දුම්රිය ස්ථානාධිපතිවරු නැවතත් ක්ෂණික වැඩවර්ජනයකට සුදානම් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ උප සභාපති නුවන් ඉලංගසිංහ මහතාගේ වැඩ තහනම් කිරීම මෙයට හේතුව ඔවුන් පවසන්නේ.
ත්‍රිවිධ 24 අප මේ පිලිබඳ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු පැවසුවේ කිසිදු කරුණු දැක්වීමකින් තොරව ” වැරදි හැසිරීම් ” යන කරුණ යටතේ මෙම වැඩ තහනම සිදු කර ඇති බවයි.
මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දැනුවත් කළ බවත් සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් නැවතත් ක්ෂණික වැඩ වර්ජනයකට යොමුවන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ.