සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින මිනෝද් භානුක ආබාධයකට ලක්ව තිබෙනවා.
මිනෝද් භානුකට ඒ අනුව සිම්බාබ්වේ පළමු හා දෙවන එක්දින තරග අනිවාර්යයෙන්ම අහිමි වන බවයි වාර්තා වන්නේ.
තුන්වන තරගය ද ඔහුට ක්‍රීඩාකිරීමට පවතින්නේ ඉතා අල්ප අවස්ථාවක් බව ද වාර්තා වුණා.
උදරය ප්‍රදේශයේ මස් පිඩුවක ඇතිවු ආබාධයක් මිනෝද් භානුකට මෙම තරග අහිමි වීමට හේතු වී තිබෙනවා.
මේ අතර මිනෝද් භානුකගේ ආදේශකය ලෙස නිරෝෂන් දික්වැල්ල නැවත සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
නිරෝෂන් දික්වැල්ල පසුගිය එංගලන්ත සංචාරයේදී කොවිඩ් නීති කඩකිරීම නිසා මාස හයක තරඟ තහනමකට ලක් වුණා.