ෆේස්බුක් නිරුවත් ඡායාරූප බ්ලැක්මේල් වංචාව: දෙදෙනෙකු අත්අඩංගුවට
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කර මුදල් කප්පම් ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
ගෙන තිබේ.
ලැබුණු පැමිණිල්ලක් මත ඇඹිලිපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිකුරාදා (27) සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මුලික විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් විසින් මෙම කාන්තාවගේ මෙම ඡායාරූප ෆේස්බුක් හරහා එකතු කර ඇති බවයි.
සැකකරුවන් සතුව තිබූ පරිගණක දෙකක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 23 ත් අතර වයස්වල පසුවන අය වන අතර ඔවුන් පොළොන්නරුව සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(Nine News)