A Brand of Non Media Shout (Private) Limited

ජනපති කූරගල පුදබිමට

කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අද (16) පස්වරුවේ කූරගල පුදබිම වෙත

මිතුරන් සමග ‌බෙදාගන්න

කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අද (16) පස්වරුවේ කූරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදුකෙරේ.

එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

පුදබිමට පැමිණ සිටි ජනතාව සමග කතා බහ කළ ජනාධිපතිවරයා අවට භූමිය ද නිරීක්ෂණය කළේය.

සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා ඇත.

මහ රහතුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

තවත් පුවත්