A Brand of Non Media Shout (Private) Limited

උතුරු දුම්රිය මාර්ගය මාස 5ක් වැසේ..

එළඹෙන මාර්තු මාසයේ සිට මාස 05ක කාලයක් උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ එම මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්. දුම්රිය

මිතුරන් සමග ‌බෙදාගන්න

එළඹෙන මාර්තු මාසයේ සිට මාස 05ක කාලයක් උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ එම මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා සීමා වන බවයි.

මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්තේ දක්වා කිලෝ මීටර් 120ක් පමණ දිගකින් යුත් දුම්රිය මාර්ගය මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 92ක්.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙම උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

තවත් පුවත්