ජාත්‍යන්තර ස්වෛරීත්‍ව බැඳුම්කර කල් පිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් හෙට (18දා* පියවීමට තිබේ.
ඒ අනුව මේ මුදල හෙට දින ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පියවීමට නියමිත අතර ඒ සඳහා දැනටමත් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් වෙන්කර තිබේ.
හෙට දිනෙන් පසු මීළඟ විශාලතම විදෙස් ණය ගෙවීමට නියමිතව ඇත්තේ 2022 ජූලි 25 වැනිදා වන අතර එය ද ජාත්‍යන්තර ස්වෛරීත්‍ව බැඳුම්කරයක් කල් පිරීම හේතුවෙන් ගෙවීමට තිබේ. එම අගය ඇමෙරිකානු ඩොලර් බිලියනයකි.ඉදිරියේදී රජයට ගෙවීමට ඇති සියලූම ණය වගකීම් පියවීමට කැප වී සිටින බව මහ බැංකුව පවසයි.