A Brand of Non Media Shout (Private) Limited

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වේ…

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු

මිතුරන් සමග ‌බෙදාගන්න

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65න් පසු අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුතු බවයි.

තවත් පුවත්