A Brand of Non Media Shout (Private) Limited

ශ‍්‍රී ලංකා යෞවනයෝ අද කොදෙව්වන් සමග ගැටෙති..

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තෙවැනි තරගය අද (21 වැනිදා) සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින්

මිතුරන් සමග ‌බෙදාගන්න

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තෙවැනි තරගය අද (21 වැනිදා) සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වේ. එ් අනුව දෙරට අතර තරග ශී‍්‍ර ලංකා වේලාවේන් අද සවස 6.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගාවලියේ ‘ඞී’ කාණ්ඩයෙන් තරගවදින ශී‍්‍ර ලංකාව මේ දක්වා සහභාගි වූ පළමු තරග දෙකම ජය ගැනීමට සමත්වී තිබේ. එහිදී පිලිවෙලින් ස්කොට්ලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව පරාජය පත් කිරීමට සමත් වූ ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම එම කාණ්ඩායේ පෙරමුණ ගැනීමට මේ වනවිට සමත්වී සිටී.

මේ දක්වා සහභාගි වූ තරග දෙකෙන් එක් තරගයක් ජය ගනිමින් සහ එක් තරගයක් පරාජයට පත්වී සිටින බටහිර ඉන්දිය කොදෙව් යොවුන් කණ්ඩායම මේ වනවිට එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ. එ් අනුව අවසන් පූර්ව වටය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය

ගැනීම කොදෙව්වන්ට අන්වාර්ය වේ.

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සහ බටහිර ඉන්දීය යොවුන් කණ්ඩායම අවසන් වරට 2019 වසරේදී හමුවී ඇති අතර එම තරගයේදී කඩුලූ 7ක ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම සමත්වී තිබේ.

තවත් පුවත්