විදුලිබල මණ්ඩලයට අවශ්‍ය දැවිතෙල් සහ ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන්නේ නම් ඉදිරියේදී පැය හතරක් හෝ ඊට වැඩි කාලයක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසනවා.
ඒ අනුව අඟහරුවාදා සිට විදුලිය කැපෙන ආකාරය හෙට දැනුම් දෙන බවයි ත්‍රිවිධ 24 අප කල විමසීමකදී ඒ මහතා පැවසුවේ.
මේ අතර ජාතික පද්ධතියට අවශ්‍ය විදුලිය ලබාදීම සඳහා මේ වනවිට ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී ජල අර්බුධයක් ඇති වීමටද එය හේතුවක් විය හැකි බවයි ඒ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසුවේ.