A Brand of Non Media Shout (Private) Limited

ඔමික්‍රෝන් වෛරසය ශ්‍රී ලංකාවේද ප්‍රබල වෛරසය විය හැකියි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මෙරට ඔමික්‍රෝන් අසාදිතයින් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් සියලු දෙනා බූස්ටර් එන්නත ලබාගතයුතු බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

මෙරට ඔමික්‍රෝන් අසාදිතයින් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් සියලු දෙනා බූස්ටර් එන්නත ලබාගතයුතු බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබාදුන් වාර්තාවට අනුව ඔමික්‍රෝන් අසාදිතයින් හැත්තෑපස් දෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවේ.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවේ එන්නත පිලිබඳ හෝ රෝගය පිලිබඳ නොදන්නා එක් එක් පුද්ගලයින් පලකරන මත පිලිබඳ සිතා කටයුතු නොකර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ලබා දෙන කරුණු මත කටයුතු කරන ලෙසයි.

මේ අතර ඇය පැවසුවේ අනෙකුත් රටවල මෙන් ශ්‍රී ලංකාවේද ඔමික්‍රෝන් වෛරසය ප්‍රබල වෛරසය බවට පත්වීමේ අවධානමක් පවතින බවයි.

” ජනගහනයේ 63% එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තියෙනවා. නමුත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ 23 % යි. ඒ නිසා බූස්ටර් එන්නත ලබා ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැඩිහරියක්ම විවාහ මංගල උත්සව වලදී මුඛ ආවරණය නොමැතිව ජනතාව හැසිරෙනවා. එවැනි ආකාරයෙන් කටයුතු කිරීම හරහා මෙම රෝගය පැතිරී යාම වැඩි වෙනවා. එම නිසා ජනතාවට වගකීමක් තියෙනවා. බූස්ටර් එන්නත ලබාගෙන ආරක්ෂා වෙන්න කියලා ඉල්ලා සිටිනවා”

තවත් පුවත්