රට තුල පවතින ඔමික්‍රෝන් තත්ත්වය හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සිය විවාහ උත්සවය කල් දමා තිබෙනවා.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩ්න් පවසන්නේ සාමාන්‍ය වැසියන්ට පවතින නීති රෙගුලාසි පිළිපැදීමට තමන්ද කටයුතු කලයුතු බවයි.
පසු ගිය දිනක නවසීලන්තයෙන් ඔමික්‍රෝන් ආසාධිතයින්ගේ පොකුරක් හඳුනාගැනීමත් සමඟ නව සෞඛ්‍ය නීති පැනවීමට අග්‍රාමාත්‍යවරිය කටයුතු කළා.
එම පිරිස හඳුනාගත්තේ පසුගිය දිනක පවතී විවාහ උත්සවයකදීයි.
මෙහිදී පොදු ස්ථානවල මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කිරීම සහ මහජන ඒකරාශී වීම් සිමා කිරීමට කටයුතු කර තිබෙනවා.