බාලවයස්කාර ප්‍රේමයක් නිසා සිදුවූ අමානුෂික ඝාතනය

වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා විය. කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබෙන අතර එහිදී ගෙල

මිතුරන් සමග ‌බෙදාගන්න

වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා විය.

කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබෙන අතර එහිදී ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.‍

පොලීසිය පැවසුවේ ඊයේ (22) අලුයම කඩවත ප්‍රදේශයේ කුලී පදනම මත නැවතී සිටි කාමරයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුවී ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි  20 හැවිරිදි රාජු මධුශංක නමැති තරුණයෙකි.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

බාලවයස්කාර දැරිය නැවතී සිට ඇත්තේ එම කුලී කාමරයේය.

එහිදී පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් ඝාතනය සිදුකළ අදාළ තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසියට වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පෙරේදා රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී පළමු පෙම්වතාව දැකීමෙන් එම සම්බන්ධතාවය ඇය යළි ආරම්භ කර තිබෙන බවය.

පසුව දෙදෙනාම ඇය නැවතී සිටි බෝඩිම් කාමරය වෙත පැමිණ තිබේ.

ඒ පිළිබඳව ආරංචිවීමෙන් පසු ඝාතනය සිදුකළ අදාළ තරුණයා ඇය නැවතී සිටි බෝඩිම වෙත ඊයේ අලුයම 3ට පමණ පැමිණ ඇත.

එහිදී දෙදෙනාව දැක කෝපයට පත්වූ එම තරුණයා මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

බාලවයස්කාර දැරිය පරිවාස භාරයේ සිට ඉන් පැන ඇවිත් මෙලෙස කුලී කාමරයක නැවතී සිට ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබුණි.

කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් පුවත්