A Brand of Non Media Shout (Private) Limited

පාස්කු ප්‍රහාරය සම්බන්ධව කාදිනල් හිමි දැඩි තීරණයක් ගනී..

පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙන ඒමේ හැකියාව සොයා බලන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රධානී, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. “අපේ ජනතාවට

මිතුරන් සමග ‌බෙදාගන්න

පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙන ඒමේ හැකියාව සොයා බලන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රධානී, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

“අපේ ජනතාවට සාධාරණයක් අපේ අයගෙන් ඉටුකර දීමට අපි අපේ උපරිමයෙන් උත්සාහ කළා. එහෙත්, මේ සියලු උත්සාහයන් අසාර්ථක වී තියෙනවා. නමුත් ජාත්‍යන්තරයට යාමේ හැකියාවන් ගවේෂණය කිරීමට. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන එකත් එහෙමයි.

මෙම නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වන ප්‍රබල රටවල් වෙත ද එම ව්‍යාපාරය ළංවන බව කාදිනල් හිමි පැවසීය.

කතෝලික සභාව යනු ලොව පුරා සබඳතා ඇති ජාත්‍යන්තර සංවිධානයක් බවත්, තමන් කාදිනල්වරයා ලෙස තම සහෝදර කාදිනල්වරුන් සමඟ මෙම නඩුව විභාග කරන බවත් උන්වහන්සේ පැවසූහ.

දේශීය වශයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බැවින් ඉහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නමුත් එය එසේ නොවන බව පෙනෙන බවද උන්සවහන්සේ කීහ.

තවත් පුවත්