A Brand of Non Media Shout (Private) Limited

ඔමික්‍රෝන් උප ප‍්‍රභේදයකුත් එයි…

දැනට ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ අලූ‍තින් හඳුනාගැනුණු උප ප‍්‍රභේදයක් මුල් වෛරස් ප‍්‍රභේදයට වඩා ශීඝ‍්‍රයෙන් රටවල් 41ක පැතිර යන බව

මිතුරන් සමග ‌බෙදාගන්න

දැනට ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ අලූ‍තින් හඳුනාගැනුණු උප ප‍්‍රභේදයක් මුල් වෛරස් ප‍්‍රභේදයට වඩා ශීඝ‍්‍රයෙන් රටවල් 41ක පැතිර යන බව බටහිර විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ ..

”‍බී ඒ.2”‍ යනුවෙන් නම් කර ඇති මෙම නව ඔමික්‍රෝන් උප ප‍්‍රභේදය එංගලන්තය ,ඉන්දියාව ,ඩෙන්මාරකය ,ස්වීඩනය ,ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 41කින් මේ වන විට හඳුනාගෙන ඇති බව එම විද්‍යාඥයෝ පවසති ,එංගලන්තයෙන් මෙම මස මුල් දින 10 ක කාලය තුළදී නව ”‍ඔමික්‍රෝන් ”‍ උප ප‍්‍රභේදය ආසාදනය වුවන් 400 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් එම ප‍්‍රභේදය අවධානය යොමු කළ යුතු කොරෝනා ප‍්‍රභේදයක් ලෙස නම් කිරීමට එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

මේ වන විට ආසියාතික රටවලට මෙම නව ඔමික්‍රෝන් උප ප‍්‍රභේදයෙන් බලවත් තර්ජනයක් එල්ල වන ලකුණු පහළ අතර මෙම නව උප ප‍්‍රභේදයේ හැසිරීම පිළිබඳව එංගලන්ත හා ප‍්‍රංශ විද්‍යාඥයන් අවධානයෙන් පසුවන බව සඳහන් කර තිබේ .

තවත් පුවත්