A Brand of Non Media Shout (Private) Limited

හෙරොයින් ගැන ඔත්තු දුන්නොත් ලැබෙන මුදල මෙන්න..

හොරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සපයන පුද්ගලයින් වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා මේ සම්බන්දයෙන් යෝජනාවක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් පොලිස්පතිවරයාට

මිතුරන් සමග ‌බෙදාගන්න

හොරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සපයන පුද්ගලයින් වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා

මේ සම්බන්දයෙන් යෝජනාවක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් පොලිස්පතිවරයාට යොමු කර තිබෙනවා

හෙරොයින් ග්‍රෑම් 10ත් 25ත් අතර වැටලීමක් සඳහා තොරතුරු ලබා දෙන තැනැත්තෙකුට මෙතෙක් ලබාදුන් රුපියල් 5,000 වෙනුවට රුපියල් 10,000ක් ලබාදීමටයි යෝජනා වී තිබෙන්නේ

හෙරොයින් ග්‍රෑම් 25ත් 50ත් අතර වැටලීමක් සඳහා ලබාදුන් රුපියල් 10,000 දීමනාව නව යෝජනාවලියෙන් රුපියල් 20,000 දක්වා වැඩි කර තිබෙනවා

හොරොයින් ග්‍රෑම් 50ත් 100ත් අතර වැටලීමක් සඳහා තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් 30,000ක මුදලක් ලබාදෙන අතර ග්‍රෑම් 100ත් 250ත් අතර වැටලීමක් සඳහා රුපියල් 50,000 ක්ද ලබාදීමට නියමිතයි

හොරොයින් ග්‍රෑම් 250ත් 500ත් අතර වැටලීමක් සඳහා ලබාදෙන මුදල රුපියල් 75,000ක්.

ග්‍රෑම් 500ත් කිලෝග්‍රෑම් 1ත් අතර තොරතුරකට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසනවා

කිලෝ ග්‍රෑම් එකකට වැඩි හොරොයින් වැටලීමක් සඳහා රුපියල් රුපියල් එක් ලක්ෂ 50,000ක් හා වැඩිවන සෑම හෙරොයින් කිලෝග්‍රෑමයකටම රුපියල් 50,000 බැගින් ලබාදීමටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පොලිස්පතිවරයාට යැවූ යෝජනාවේ ඇතුලත්

තවත් පුවත්