සැතපුම් දහසක් පමණ ඈත මුහුදේ දී ඉරාන යාත‍්‍රාවකින් ගෙනවිත් පෙරේදා (24 දා) මෙරට ධීවර බෝට්ටු දෙකකට භාරදීමෙන් පසු මෙරටට රැුගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ 350ක් සමග නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ධීවරයන්් 11 දෙනා ඊයේ (25 දා) කොළඹ වරාය වෙත රැුගෙන එනු ලැබීය.
ශී‍්‍ර ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුම සඳහා සති දෙකක පමණ කාලයක් ඈත මුහුදේ රැකවල්ලා සිටීමට නාවික හමුදා නිලධාරීන්ට සිදුවිය.
මෙරට සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු විසින් ඉරාන යාත‍්‍රාවකින් ගෙන්වා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේදී ශී‍්‍ර ලාංකික ධීවරයන් විසින් කිලෝව බැගින් අඩංගු පාර්සල් 350ක් සිය බෝට්ටුව වෙත පටවා ගෙන මෙරට බලා රැුගෙනවිත් ඇත.

අතරමගදී ඉන් කොටසක් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ සිට පැමිණ ඇති තවත් ධීවර බෝට්ටුවකට පටවා එම ප‍්‍රදේශයට රැුගෙන යෑමට සැලසුම් කර තිබී ඇත.
එහෙත් ඒ වනවිටත් ශී‍්‍ර ලංකා නාවික හමුදාවට අයත් ‘සමුදුර’ නෞකාවේ සිට ගැඹුරු මුහුදේ රැුකවල්ලා සිටි නාවික හමුදා නිලධාරීන් විසින් මෙම බෝට්ටු දෙකෙහි සිටි ධීවරයන් 11 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් ඊයේ පෙරවරුවේ කොළඹ වරාය වෙත රැුගෙන ආ අතර එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුසන්ත විජේසේකර යන නිලධාරීහු ද මෙම මෙහෙයුමට සම්බන්ධ වූ නාවික හමුදා නිලධාරීන් ද සහභාගි වූහ.
පිංතූර – නිමල් දයාරත්න