A Brand of Non Media Shout (Private) Limited

ආසාදිතයන් ඉහළට : රෝහල් පිරිලා කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ අවදානමක්..

PHI සංගමයේ සභාපති දෛනික කොවිඞ් ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ යෑම හේතුවෙන් රෝහල් ධාරිතාව සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යෑම නිසා මෙරට කොවිඞ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන්

මිතුරන් සමග ‌බෙදාගන්න

PHI සංගමයේ සභාපති

දෛනික කොවිඞ් ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ යෑම හේතුවෙන් රෝහල් ධාරිතාව සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යෑම නිසා මෙරට කොවිඞ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයෑමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘‘දිවයින’’ට ඊයේ (27 දා) පැවසීය.

සමාජ ඒකරාශීවීම් සහ සංචරණ අවම නොකර කටයුතු කරන්නේ නම් හෝ ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක‍්‍රියාත්මක නොකරන්නේ නම් රට යළි විශාල ව්‍යසනයකට යෑම වැළැක්විය නොහැකි බවද හෙතෙම කීය.

දැඩි සංචරණ සීමා පැනවීමකට හෝ රට නැවත අ`ගුලූ දැමීමකට යෑමට මෙරට ආර්ථික තත්ත්වය නරක ලෙස බලපා ඇති නිසා රටේ සියලූ දෙනා කොවිඞ් වෛරසය පිළිබඳ හොඳ සිහියෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.

තවත් පුවත්