A Brand of Non Media Shout (Private) Limited

ඇන්ඩෘ කුමරු ලිංගික අතවර චෝදනා ප‍්‍රතික්ෂේප කරයි…

තමාට එරෙහිව ළමා අපයෝජන නඩුවක් ඇමරිකානු අධිකරණයක ගොනු කර ඇති කාන්තාව තමාට සැපයූ බව සඳහන් කර ඇති ස්ත‍්‍රීන් කාමාතුරයන්ට සැපයීම සම්බන්ධයෙන් නම් දරා ඇති

මිතුරන් සමග ‌බෙදාගන්න

තමාට එරෙහිව ළමා අපයෝජන නඩුවක් ඇමරිකානු අධිකරණයක ගොනු කර ඇති කාන්තාව තමාට සැපයූ බව සඳහන් කර ඇති ස්ත‍්‍රීන් කාමාතුරයන්ට සැපයීම සම්බන්ධයෙන් නම් දරා ඇති ගිස්ලේන් මැක්ස්වෙල් නමැත්තිය සමග කිසිදු සමීප මිත‍්‍රත්වයක් තමාගේ නොපවතින බව දෙවැනි එලිසබෙත් රැුජිනගේ දෙවැනි පුත‍්‍රයා වන ඇන්ඩෘ කුමරු විසින් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

ළමා අපයෝජන නඩුව හේතුවෙන් රජ පවුලෙන්ද කොන් කර සිටින ඇන්ඩෘ කුමරු සිය නීතිඥ කණ්ඩායම හරහා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් අධිකරණයේ තමාට එරෙහිව පවතින නඩුව විභාග කරන විනිසුරුවරයා වෙත දැනුම් දී ඇත්තේ ගිස්ලේන් මැක්ස්වෙල් හා තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නොපවතින අතර තමාට එරෙහිව පවරා ඇති ළමා අපයෝජන නඩුවෙන් නගා ඇති සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. තමා 17 වැනි වියෙහි පසුවද්දී ලන්ඩන් නිව්යෝක් යන නගරවලදී හා වර්ජින් ¥පත්වලදී ඇන්ඩෘ කුමරු විසින් ලිංගික අතවර සිදු කළ බවට චෝදනා නගමින් දැනට 38 වැනි වියෙහි පසු වන වර්ජිනියා ගියුෆ්රේ විසින් නිව්යෝක් නගරයේ අධිකරණයක ළමා අපයෝජන නඩුවක් පවරා තිබේ. පිටු 11කින් සමන්විත ලියවිල්ලක් විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරමින් ඇන්ඩෘ කුමරුගේ නීතිඥයන් විසින් සිය සේවා දායකයාට එරෙහිව එල්ල කර ඇති චෝදනා විභාග කිරීමේදී කැමැත්ත මත යමක් සිදු කිරීමේ තත්ත්වය සලකා බලන ලෙසත් මෙම නඩුව ඉවතලන ලෙසත් ඉල්ලීම් කර තිබේ. ඔස්ටේ‍්‍රලියාවේ ස්ථීර පදිංචිය ඇති ගියුෆ්රේ හට ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි ළමා අපයෝජන නඩුවක් ගොනු කිරීමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවද අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අදාළ ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.

තවත් පුවත්