A Brand of Non Media Shout (Private) Limited

සපුගස්කන්ද බලාගාරයේ කොටසක් වැසෙයි.විදුලිය බිඳ වැටෙයිද ?

අද(28) දිනය තුල දැවී තෙල් නොලැබුණහොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ ”බී” කොටසද ක්‍රියා විරහිත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි

මිතුරන් සමග ‌බෙදාගන්න

අද(28) දිනය තුල දැවී තෙල් නොලැබුණහොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ ”බී” කොටසද ක්‍රියා විරහිත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පැවසුවා.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරයේ ”ඒ” කොටසෙහි ජනන යන්ත්‍ර අද උදෑසන අක්‍රිය වුණා.

මෙම තත්ත්වය හමුවේ විදුලිය බිඳ වැටීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් තොග ගොඩබෑම අද සිදු කෙරෙමින් පවතින බවයි.

එම ඉන්ධන වලින් පිරිපහදුවේ කටයුතු ආරම්භ කළහොත් දින දෙක තුනක් තුළ විදුලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය දැවි තෙල් ලබාදීමට හැකියාව ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.

සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ධාරිතාව මෙගාවොට් 111ක්.

තවත් පුවත්