A Brand of Non Media Shout (Private) Limited

තවත් වරාය නගරයක් ඉදිකිරීමට සැලසුම් කරයි…

කොළඹ වරාය නගරයට සමාන සංචාරක කලාපයක් ගාලු වරාය ආශ්‍රිතව ස්ථාපිත කරන බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු

මිතුරන් සමග ‌බෙදාගන්න

කොළඹ වරාය නගරයට සමාන සංචාරක කලාපයක් ගාලු වරාය ආශ්‍රිතව ස්ථාපිත කරන බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ වැලි ගොඩකර හෙක්ටයාර 40ක සංචාරක කලාපය ඉදිකිරීමට රජය තීරණය කර ඇති බවයි.

ගාලු වරාය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරන බවට දක්වා ඇති රජයේ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස මෙම සංවර්ධනය සිදු කිරීමට නියමිතය.

කොළඹ වරාය නගරය හා සමානව ගාල්ලේ පෞද්ගලික ආයෝජකයින් හරහා සංචාරක ක්ෂේත්‍රයට අදාළ සාප්පු සංකීර්ණ, හෝටල් සහ නිවාස ස්ථාපිත කරන බව අමාත්‍ය අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපෘතිය මගින් ගාල්ල සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට හැකිවන බවද ඔහු පැවසීය. (ninenews)

තවත් පුවත්