විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඕමානයේදී අද(29) පැවැත්වෙනවා.ඒ ඒෂියා ලයන්ස් සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි.වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම මූලික වටයේදී සහභාගී වූ තරග 04න් තරග 03ක් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.ඒෂියා ලයන්ස් කණ්ඩායම ඊට සුදුසුකම් ලැබුවේ තරග 04කට එක්වී තරග 02ක් ජයගනිමින්.ඒෂීයා ලයන්ස් කණ්ඩායමට මිස්මා උල්හක් නායකත්වය ලබා දෙන අතර රොමේෂ් කළුවිතාරණ, සනත් ජයසූරිය, තිලකරත්න දිල්ශාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, නුවන් කුලසේකර, උපුල් තරංග සහ අජන්ත මෙන්ඩිස් මෙන්ම දිල්හාර ප්‍රනාන්දු එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.වර්ල්ඩ් ජයන්ඩ්ස් කණ්ඩායමට ඩැරන් සමී නායකත්වය ලබා දෙන අතර එම කණ්ඩායමට කෙවීන් පීටර්සන්, හර්ෂල් ගිබ්ස්, බ්‍රෙට්ලි, මෝනි මෝකල් ඇතුළු විදෙස් ක්‍රිකට් තරු රැසක් ඇතුළත්ව සිටිනවා.
උණුසුම් පුවත්
පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය… ජනපති අද සවස ජාතිය අමතයි චීනයෙන් ලංකාවට ණය සහනයක්… සිරකරුවන් 622කට ජනාධිපති සමාව ජනපතිගේ නිදහස් දින පණිවිඩය 75වන ජාතික නිදහස් දිනය අදයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි
- ක්රීඩා
ලෙජන්ඩ්ස් අවසන් මහා තරගය අද..

-
NineNews
- 2022-01-29
විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඕමානයේදී අද(29) පැවැත්වෙනවා.ඒ ඒෂියා ලයන්ස් සහ වර්ල්ඩ්
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-05
- 2023-02-05
- 2023-02-04
- 2023-02-04
- 2023-02-04