A Brand of Non Media Shout (Private) Limited

ආනයන සීමා නොතකා ලක්ෂ 30 ක බීට්රූට් හොරෙන් ගෙන්නලා – ගෙන්වා ඇත්තේ අර්තාපල් කියලා..

පකිස්ථානයේ සිට මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් බීට්රූට් තොගයක් රේගු නිලධාරීන් විසින් ඊයේ (28 වැනිදා) පස්වරුවේ

මිතුරන් සමග ‌බෙදාගන්න

පකිස්ථානයේ සිට මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් බීට්රූට් තොගයක් රේගු නිලධාරීන් විසින් ඊයේ (28 වැනිදා) පස්වරුවේ තොටළඟ ගේ‍්‍රලයින් 2 බහාලූම් පරීක්ෂණ අංගනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ආනයන සීමා නොතකා ලක්ෂ 30 ක බීට්රූට් හොරෙන්  ගෙන්නලා - ගෙන්වා ඇත්තේ අර්තාපල් කියලා

පකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ සැකසහිත ශීතකරණය කරනු ලැබූ බහාලූමක ඉතා සූක්ෂම ලෙස සඟවා මෙම බීට්රූට් තොගය ගෙන්වා තිබේ.

ඉන්දියාවේ සමාගමකින්, වත්තල ප‍්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් අර්තාපල් ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම බීට්රූට් තොගය ගෙන්වා ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

අර්තාපල් ගෙන්වා තිබූ බහාලූමක අර්තාපල් අඩංගු බෑග්වලට සමාන බෑග්වල මෙම බීට්රූට් තොගය අසුරා ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බවත් එහි කිලෝ ග‍්‍රෑම් 16000ක බීට්රූට් තොගයක් තිබූ බවත් සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

ආනයනය සීමා කර ඇති මෙම භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පැමිණි වාප්පු ලිපිකරු රේගු නිලධාරීන් විසින් රඳවාගෙන වැඩිදුර ප‍්‍රශ්න කරගෙන යන බවත් ඒ මහතා සඳහන් කළේය.

තවත් පුවත්