පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නියෝජනය කළ මැති ඇමතිවරු පිරිසක් සිය නිල නිවාසවල ජල බිල්පත් ගෙවීම මගහැර ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස එම බිල්පත් ගෙවා නොමැති ජනතා නියෝජිතයින් ගණන 40ක් බව සඳහන්.
එමෙන්ම මැති ඇමතිවරු 40 දෙනාගෙන් 10 දෙනෙකු මේවන විට ජීවතුන් අතර ද නොමැති බව යි අනාවරණය වන්නේ.
මොවුන් නොගෙවා ඇති බිල්පත්වලින් අය විය යුතු මුදල රුපියල් මිලියන 9ක් බව ද වාර්තා වූවා.
එමෙන්ම මෙම පිරිස අතුරින් එක් මන්ත්‍රීවරයෙකුගේ හිඟ ජල බිල්පත රුපියල් ලක්ණ 20 ද ඉක්මවා ඇති බව ජල සම්පාදන මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත අනාවරණය කළා.
බිල්පත් ගෙවා නොමැති මෙම මන්ත්‍රීවරුන් හට එය ගෙවන ලෙසට වූ අවසන් නිවේදනය ද මෙම සතියේ දී යොමු කළ බව යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අදාළ මැති ඇමතිවරු පිරිස අතුරින් දැනට ජීවත්ව සිටින 30 දෙනාගෙන් මෙම මුදල් අය කරගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ජලසම්පාදන මණ්ඩලය තුළ සාකච්ඡා කෙරී ඇති බව පැවසෙනවා.
එහි දී හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපෙන් ද වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගේ මන්ත්‍රී වැටුපෙන් ද මෙම මුදල් අය කරගැනීමට එම මණ්ඩලය බලාපොරොත්තුවන බව සඳහන්.
අදාළ මහජන නියෝජිතයින්ගේ මන්ත්‍රී වැටුපෙන් සහ විශ්‍රාම වැටුපෙන් එම මුදල් වෙන් කර ලබා දෙන ලෙසට ජල සම්පාදන මණ්ඩලය විසින් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට දැනුම් දීමට ද සූදානම් බව යි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මේවන විට මරණයට පත්ව ඇති මන්ත්‍රීවරුන් නොගෙවා ඇති බිල්පත්වලට අදාළ මුදල් අයකර ගන්නේ කෙසේ දැයි ජල සම්පාදන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් ගැනීමට ද නියමිත බව පැවසෙනවා.
තත්ත්වය මෙසේ වෙද්දී හිඟ බිල්පත් නොගෙවන මහජන නියෝජිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජලසම්පාදන මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා.