A Brand of Non Media Shout (Private) Limited

නයිජීරියාවේ ලාසා (Lassa) උණ වසංගතය දරුණු වෙයි…

නයිජීරියාව තුළ ව්‍යාප්තව ඇති ලාසා (Lassa) උණ තත්ත්වය හේතුවෙන් ගෙවුණු සති තුනක කාලය තුළදී පුද්ගලයන් 32නෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රෝග පාලනය සදහා වන

මිතුරන් සමග ‌බෙදාගන්න

නයිජීරියාව තුළ ව්‍යාප්තව ඇති ලාසා (Lassa) උණ තත්ත්වය හේතුවෙන් ගෙවුණු සති තුනක කාලය තුළදී පුද්ගලයන් 32නෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රෝග පාලනය සදහා වන මධ්‍යස්ථානය පවසනවා.

මේ දක්වා එරට අගනුවර ඇතුළුව ප්‍රාන්ත 26ක් පුරා මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වී ඇති අතර, සැකකටයුතු සිදුවීම් 759ක් වාර්තාවනවා

මෙම ලාසා උණ රෝගී තත්ත්වය පළමුවරට නයිජීරියාව තුළ වාර්තා වී තිබුණේ 2016 වසරේදීය.

මීයන් මගින් මෙම උණ බෝවන බව හඳුනාගෙන ඇති අතර අද වන විට මෙම රෝගයේ ආසාදිතයන් ක්‍රමයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කළ බව මධ්‍යස්ථානය පවසයි.

2019 දී සිදුවීම් 796ක් වාර්තා වී ඇති අතර, 2020 දී සිදුවීම් 1,165ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

2022 වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයන් අතරින් 72නෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත්, 369දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් දැක්වෙනවා

එසේම සෞඛ්‍ය සේවකයන් සිවුදෙනෙකුටද මේ වසරේදී එම උණ ආසාදනය වී තිබෙනවා

තවත් පුවත්