ගැහැණු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 21 හෝ 25 කළයුතු බවට මුස්ලිම් කාන්තාවන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මුස්ලිම් කාන්තා සංවිධානයන් විසින් අදාළ යෝජනාව “එක් රටක් එක් නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මුස්ලිම් කාන්තා සංවිධානයක් නියෝජනය කරමින් වෛද්‍ය මරීනා රිෆායි සහ මාධ්‍යවේදීනී සුබා කාසීම් ඇතුළු පිරිසක් පසුගියදා ජනාධිපති කාර්ය සාධක බළකායට සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබේ.
එහිදී ඔවුන් විසින් කාති උසාවි ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර එහි පවතින අඩුපාඩු වහා සංශෝධනයට ලක්විය යුතු බව පෙන්වා දී ඇත.
විශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති පුද්ගලයින් එම තනතුරට පත්කිරීම එම ගැටලුවලට හේතුව බව අනාවරණය වී තිබේ.
ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධවෙන් අදහස් දැක් වූ වෛද්‍ය මරීනා රිෆායි මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21ක් විය යුතු බවය.
එය අවුරුදු 25ක් පමණ විය යුතු බවට සුබා කාසීම් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
මේ අතර “එක රටක් එක නීතියක්” සාක්ෂාත් කර ගැනීමට නම් “එක් රටක් එක් මූල්‍ය පද්ධතියක්” ක්‍රියාත්මක විය යුතු බව බෞද්ධ සම්මේලනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
බෞද්ධ සම්මේලනය විසින් එළිදැක්වූ සුපිළිපන් දේශපාලන ප්‍රතිපත්තිය මෙහිදී “එක රටක් එක නීතීයක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායට ඉදිරිපත් කෙරුණු අතර ශ්‍රී ලාංකික දේශපාලන ව්‍යුහය සැකසීමේදී එහි කරුණු උපයෝගී කරගත යුතු බවට නිර්දේශ කරන ලෙසද ඉල්ලීමක් කර තිබේ.