මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් පහරදීමෙන් සිදු වු බරපතළ තුවාල හේතුවෙන් කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණයෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරු සෙවීම සඳහා මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.