ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මෙන් පෙනෙන්නට කහ පැහැති ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වංචනික ලෙස නිල් පැහැයෙන් තීන්ත ආලේප කර ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා වෙළෙන්දාට භාර දීමේ සිද්ධියක් හැටන් දික්ඔය ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඊයේ (28) ලොරි රථයට සිලින්ඩර පැටවීමේදී වෙළෙන්දා සිලින්ඩරයක තීන්ත ඉවත් කර එහි යට කහ පැහැය හෙළි වී තිබීම ගැන සේවකයින් සැක පළ කර තිබේ.
සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අනාවරණය වී ඇත්තේ සිකුරාදා (27) ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී කාන්තාවක් මෙම හිස් සිලින්ඩරය ලබා දී ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙන්දා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ අතර පාරිභෝගික ඉල්ලීම් සපුරාලීම සඳහා තවමත් ලාෆ් ගෑස් සිලින්ඩර හිඟයක් වෙළඳපොලේ පවතින බව ද වාර්තා වේ.(Nine News)