ගෙවුණු දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,137 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 612,322ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (31) දින සිදුවූ කොවිඩ් මරණ 32ක් ඊයේ (01) තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,473ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) දිනය වනවිට 18,000 සීමාව ඉක්මවා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත්කළ නවතම වාර්තාවල සදහන් වන්නේ.