A Brand of Non Media Shout (Private) Limited

පස් වැනි ස්ථානය වෙනුවෙන් ශී‍්‍ර ලංකාව සමගින් සටනට පාකිස්තානය..

2022 යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 5 වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන අවසන් තරගය සඳහා ශී‍්‍ර ලංකාව සමගින් තරග වැදීමට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන යොවුන්

මිතුරන් සමග ‌බෙදාගන්න

2022 යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 5 වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන අවසන් තරගය සඳහා ශී‍්‍ර ලංකාව සමගින් තරග වැදීමට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම සමත්විය. එ් පෙරේදා (31 වැනිදා) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 6කින් පරාජයට පත් කරමිනි.

රටවල් 16ක් තරග වැදුණු වයස 19න් පහළ යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් පූර්ව තරගයේදී හිටපු ලෝක ශූර බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තානය තරග වැදිණි. එ් අනුව අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලූ දෙනා දැවී ලකුණු 175ක් වාර්තා කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 46.3කදී කඩුලූ 4ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය.

පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගය සඳහා දැනටමත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. එ් අනුව අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පාකිස්තානය හමුවීමට නියමිත අතර ඉන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ පස්වැනි ස්ථානයත් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියේ හය වැනි ස්ථානයත් හිමි වේ.

තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගය හෙට (03 වැනිදා) පැවැත්වේ.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලූ දෙනා දැවී ලකුණු 175යි (ඉෆ්ටකර් හුසේන් 25, අරිෆුල් ඉස්ලාම් 100, එස්. එම්. මෙහෙරබ් 14, මෙහෙරන් මුම්ටාස් 16/3, අවයිස් අලී 52/3)

පාකිස්තාන යොවුන් කණ්ඩායම පන්දුවාර 46.3කදී කඩුලූ 4ක් දැවී ලකුණු 176යි (මොහොමඞ් ෂේසාඞ් 36, හසීබුල්ලා කාන් 79, ඉර්ෆාන් කාන් 24, රකිබුල් හසන් 28/2)

තවත් පුවත්