A Brand of Non Media Shout (Private) Limited

කොළඹ නගරය තුළ කොවිඩ් මරණ සැලකිය යුතු ලෙස ඉහල යයි..

කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 15%කින් වැඩිවී ඇති අතර මරණ 4%කින් වැඩිවී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි

මිතුරන් සමග ‌බෙදාගන්න

කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 15%කින් වැඩිවී ඇති අතර මරණ 4%කින් වැඩිවී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද(02) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනවාරි මස පළමු වනදා සිට මේ දක්වා කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතව මියගිය සියලු දෙනා අසම්පුර්ණ එන්නත්කරණයට ලක්වූ අය බවයි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසා සිටියේ.

මේ අතර මේ වර්ෂය තුළ මියගිය අයගෙන් එකම පුද්ගලයෙක්වත් තුන්වන මාත්‍රාව ලබාගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

තවත් පුවත්