ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන වේග පන්දු යවන සුරංග ලක්මාල් එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරයෙන් පසු ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5 කදී නායකත්වය හොබවා ඇති දකුණත් වේග පන්දු යවන්නා විශ්‍රාම ගන්නා විට 34 වැනි වියේ පසුවනවා
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68 කට ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 168 ක් වේ. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.28 ක් රඳවා ගැනීමට සමත්ව සිටින ලක්මාල් කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 4 ක් සිය ටෙස්ට් තරග දිවියේ සටහන් කර ගැනීමට සමත්ව වුණා
එක්දින තරග 86 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 කට ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් පිළිවෙළින් කඩුලු 109 ක් සහ 8 ක් වශයෙන් දවා ගැනීමට සමත්ව වුණා.
අවශ්‍ය විටෙක පිතිකරණයෙන්ද දක්ෂතා දැක්වීමට සමත්වූ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා ටෙස්ට් අංශයෙන් ලකුණු 928 ක් සහ එක්දින තරග අංශයෙන් ලකුණු 244 ක් ලබා සිටියි.
“මව්බිමට ගෞරවයක් රැගෙන ඒම සඳහා මා කෙරෙහි විශ්වාසය තබමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා”
යනුවෙන් සිය දැනුම් දීමේ ලියිපෙන් සුරංග ලක්මාල් සඳහන් කර තිබෙනවා