රට තුල පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මේ වනවිටත් ලිඛිතව දැනුම්දීමක් කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට IMF ආයතනයේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිත බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
ඔහු මේ බව පවසා සිටියේ අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන පිලිබඳ ඊයේ (02) පැවති වැඩසටහනකට එක්වෙමින්.
“අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි.අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා.ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා.හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ.අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා.වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි.මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු.”