A Brand of Non Media Shout (Private) Limited

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ පුතා අත්අඩංගුවට – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වීමට සූදානම්..

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගනු ලැබූ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 07 වෙනිදා දක්වා

මිතුරන් සමග ‌බෙදාගන්න

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගනු ලැබූ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත අධිකරණය අද නියෝග කළා.

රාගම පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ, හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහායි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමත් සමග රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 07 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 06 දෙනෙකුම ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ඉන් 05 දෙනෙකු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ට ද චෝදනා එල්ලවී තිබේ.

තවත් පුවත්