A Brand of Non Media Shout (Private) Limited

74 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි…

74 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා. නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී අද (04) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි. “අභියෝග

මිතුරන් සමග ‌බෙදාගන්න

74 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී අද (04) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි.

“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවයි.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු අද (04) පෙරවරු 8.13ට ආරම්භවීමට නියමිත අතර, ජාතිය වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහිකිරිම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත අතර ඉන් අනතුරුවයි ත්‍රිවිධ හමුදා සහ සංස්කෘතික කණ්ඩායම් පෙළපාලිය ආරම්භ වන්නේ.

ඒ සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනීමට නියමිතයි.

සැමරුම් උළෙලේදී ගුවන් හමුදා සංදර්ශනයක් ද පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදා ගැනීමට සුදානම්.

මේ අතර නාවික හමුදාව විසින් දේශය වෙනුවෙන් ආචර වෙඩි මුර 25ක් පිරිනැමීම ගාලු මුවදොර පිටියේ දී දහවල් 12ට සිදුකරන බව නාවික හමුදාව පැවසුවා.

තවත් පුවත්