එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වනවා.
ඕස්ට්‍රේලියාව සමඟ නිමා වූ අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දී එංගලන්තය ලද දරුණු පරාජය මෙයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙවර අළු බඳුන ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය පරාජය වුණේ තරග හතරට බිංදුවක් ලෙසටයි.
“එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු වීමට ලැබීම ගෞරවයක්. අපගේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය සමඟ එක්ව වැඩ කිරීමට ලැබීම ගැන මම අතිශයින් ආඩම්බර වෙමි, මම මෙම භූමිකාවේ සිටි කාලය තුළ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම වෙනුවෙන් ඔවුන් සැමට ස්තූතිවන්ත වෙන අතරම, ඔවුන් සියලු දෙනාටම ඉදිරියට යාමට මම සුබ පතමි.” යනුවෙන් ධුරයෙන් ඉවත් කළ ක්‍රිස් සිල්වර්වුඩ් පවසා තිබෙනවා.Chris Silverwood