A Brand of Non Media Shout (Private) Limited

රන්ජන්ට නිදහස් දින සමාවක් නෑ…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද

මිතුරන් සමග ‌බෙදාගන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද ප්‍රකාශ කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කළේ රාමනායක මහතා අදට යෙදෙන නිදහස් දිනයේදී බන්ධනාගාරයෙන් නිදහස් වනු ඇති බවට තමාට විශ්වාසයක් පවතින බවයි.රාමනායක මන්ත්‍රීවරයාගේ නම ජනාධිපති සමාව ලබාදීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවද ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා අද දිනයේදී නිදහස් නොකළහොත් ඔහු නිදහස් කරන තෙක් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සටනක් දියත් කරන බවද ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී සිරකරුවන් 197 දෙනෙකු අද නිදහස් කෙරුණා.රන්ජන් රාමනායක මහතා නිදහස් කරනු ඇතැයි අපේක්ෂාවෙන් ඔහුගේ ආධාරකරුවන් සිය ගණනකට අධික පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිටිනු දක්නට ලැබිණි.

තවත් පුවත්