A Brand of Non Media Shout (Private) Limited

මත්පෙති පොවා තිදරු මව සලෙලුන්ට විකුණලා…

කලක සිට තමාට මත් පෙති පානය කිරීමට ලබාදී මත්වූ පසු සලෙලූන්ට මුදලට විකුණා හරි හම්බ කර ගත් බව කියන සිය අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර

මිතුරන් සමග ‌බෙදාගන්න

කලක සිට තමාට මත් පෙති පානය කිරීමට ලබාදී මත්වූ පසු සලෙලූන්ට මුදලට විකුණා හරි හම්බ කර ගත් බව කියන සිය අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර මල්වතුඔය ප‍්‍රදේශයේ පදිංචිව සිටින තිස් අට හැවිරිදි තිදරු මවක් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය වෙත පෙරේදා (02 දා) දහවල් ලබා දුන් ප‍්‍රකාශයක් පිළිබඳව අනුරාධපුර මුලස්ථාන පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 60 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන කාන්තාවක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.

වසර තුනක පමණ කාලයක සිට තමා සිය විවාහක සැමියාගෙන් වෙන්ව අනියම් සැමියා සමග කුලී නිවසක එකට ජීවත්වන බවත් එකී කාලය තුළ ඔහු සමග එකට මත් පෙති පානය කළ බවත් ඇය රෝහල් පොලිසියේ නිලධාරියකුට ස්වයං පාපොච්චාරණයක් සිදු කොට තිබේ.

එලෙස මත් පෙති පානය කොට මත්වූ පසු අනියම් සැමියා විසින් තමාව පිටස්තර පුද්ගලයින්ට මුදලට විකුණූ බවත් එම අවස්ථාවන්හිදී තමා එම පුද්ගලයන් සමග කැමත්තෙන් සිටි බවත් එම කාන්තාව ප‍්‍රකාශ කොට ඇත.

අනියම් සැමියා විසින් තමාව විකිණීම සම්බන්ධයෙන් අකමැති බැවින් තමාට මත් පෙති පානය කිරීමට නොදීමෙන් ශරීරය දැඩි ලෙස වේදනාවට පත්වන බවත් ඇය පවසා තිබේ. තමා පිටස්තර පුද්ගලයන්ට විකිණීමට ක‍්‍රියා කිරීමට එරෙහිව ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය සිය ප‍්‍රකාශයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.(ninenews.lk)

තවත් පුවත්