මෙම වසර තුළ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ පසුගිය දින 04 තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 503 දෙනෙකු වාර්තා වී ඇති බවයි.ඒ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 92ක් ලෙසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 64 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 43 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ජනවාරි මාසයේ දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 7702ක් වාර්තා වී තිබුණා.