ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට අනතුරු අඟවයි…

යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානය වෙත අනතුරු අඟවා තිබෙනවා. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වුවහොත් පාකිස්ථානයයේ

මිතුරන් සමග ‌බෙදාගන්න

යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානය වෙත අනතුරු අඟවා තිබෙනවා.

එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වුවහොත් පාකිස්ථානයයේ ආර්ථිකය තවදුරටත් දුර්වල විය හැකි බවයි එම අරමුදල අවධාරණය කර ඇත්තේ.

මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානයට ඉන් මිදීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන හයකට ආසන්න වටිනාකමින් යුත් සහන ණය පැකේජයක් අනුමත කර තිබෙනවා.

එය පාකිස්ථානයට කොටස් වශයෙන් හිමිවෙමින් ඇති අතර එහිදී අනුගමනය කළ යුතු ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

පුද්ගල බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු යෝජනා රැසක් ඒ අතර වනවා.

කෙසේ වෙතත් පාකිස්ථානය එම ප්‍රතිසංස්කරණ සිදුකිරීම නිසි උනන්දුවකින් සිදු නොකරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වී ඇත්තේ

තවත් පුවත්