A Brand of Non Media Shout (Private) Limited

ජස්ටින් ලැන්ගර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හැර යයි..

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඔහු අද

මිතුරන් සමග ‌බෙදාගන්න

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඔහු අද මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

2018 වසරේ මැයි මාසයේදී ජස්ටින් ලැන්ගර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා පත් කෙරුණු අතර මෙම කාලය තුළ විශිෂ්ඨ ජයග්‍රහණයන් රැසක් වෙනුවෙන් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

ඔහුගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයෙක් වන රිකී පොන්ටින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ලැන්ගර්ගේ මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කවුරුන් කටයුතු කරයි ද යන්න මේ වනවිට බොහෝ දෙනෙකුට පැන නැගී ඇති ගැටළුවක්.

තවත් පුවත්