දෙහිවල, කල්දේරා පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.
අද (06) අලුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාල තරුණයාට පිහියකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු මියගොස් ඇති බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 18 හැවිරිදි කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කලක සිට පැවති ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඝතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.