A Brand of Non Media Shout (Private) Limited

භාරතීය ගීත කෝකිලාවිය දිවි ගමනට සමුදෙයි..

භාරතීය ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අද

මිතුරන් සමග ‌බෙදාගන්න

භාරතීය ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කොවිඩ් වෛරසය ආසාදිතව ඇයව පසුගිය දා රෝහල් ගත කෙරුණා.

දශක අටකට ආසන්න කාලයක සිට භාෂා 36කින්, ගීත දස දහස් ගණනකට අධික සංඛ්‍යාවක් ගායනා කළ ඇය හැඳින්වූයේ ‘ඉන්දියාවේ නගිටිංගේල්’ ලෙසයි.

1929 සැප්තැම්බර් 28 ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දී උපත ලැබූ ලතා මංගෙෂ්කාර් ඉන්දියාවේ වටිනාම සම්මාන වූ පද්ම භූෂණ සම්මානයෙන් මෙන් ම භාරත රත්න සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

තම මධුර ස්වරයෙන් ලොවක් නැළැ වූ භාරතීය ගීත කෝකිලාවිය අභාවප්‍රාප්ත වන විට 92 වන වියේ පසු වුණා.latha mangeshkar

තවත් පුවත්