ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1287 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 617189ක් දක්වා ඉහල ගියා.
මේ අතර රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා දැමීමට හෝ සංචරණ සිමා දැමීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එමෙන්ම ජනතාව හැකි ඉක්මනින් බුස්ටර් එන්නත සදහා යොමුවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.