A Brand of Non Media Shout (Private) Limited

මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවේදී වැඩ අරඹයි (ඡායාරූප)

තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පුහුණුවීම් ආරම්භකර තිබෙනවා. මෙම පුහුණුවීම් සඳහා තරගාවලිය වෙනුවෙන්

මිතුරන් සමග ‌බෙදාගන්න

තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පුහුණුවීම් ආරම්භකර තිබෙනවා.

මෙම පුහුණුවීම් සඳහා තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය මාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ ලසිත් මාලිංග ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පන්දුවාර විස්ස තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය 03 වනදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදනය වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ තාවකාලිකව කටයුතු කරන රුමේෂ් රත්නායක, තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ නවක වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර එදින ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ නැහැ.

කෙසේ වෙතත් රුමේෂ් රත්නායක සහ නුවන් තුෂාර අද ඕස්ට්‍රේලියාව බලා පිටව ගිය බවයි වාර්තා වන්නේ.

තවත් පුවත්