A Brand of Non Media Shout (Private) Limited

රෝහල් කාර්ය මණ්ඩලවලටත් කොවිඩ් – සතියක් තුළ ආසාදිතයින් 8000ක්…

දිවයින පුරා රෝහල්වල කාර්ය මණ්ඩලය තුළ මේ වන විට කොවිඩ් වෛරසය වැළදීමේ සීඝ්‍රතාවය ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය

මිතුරන් සමග ‌බෙදාගන්න

දිවයින පුරා රෝහල්වල කාර්ය මණ්ඩලය තුළ මේ වන විට කොවිඩ් වෛරසය වැළදීමේ සීඝ්‍රතාවය ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මේ අතර, වේගයෙන් මෙරට තුළ පැතිර යන කොවිඩ් ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ මෙරටින් හඳුනා ගන්නා දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාවද මේ වන විට සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව සතියක් තුළදී පමණක් මෙරටින් දෛනිකව හඳුනා ගන්නා කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 8,000 සීමාව ඉක්මවා ගියා.

ඊයේ දිනයේත් තවත් කොවිඩ් ආසාදිතයින් 1287 දෙනෙකු වාර්තා වුණා.

එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 617,189 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම පෙරේදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 28 ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,572 දක්වා ඉහළ ගියා.

මේ අතර, මේ වන විට දිවයින පුරා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

ඒ අනුව මේ වන විට මෙරට ජන

තවත් පුවත්